තවමත් ඉවර නැද්ද මේක?. මාර්තුවේ අන්තිම දවස වන හෙට වෙන දේ..
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
හෙට (31) දිනයේ දී පස්වරු 2න් පසු බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ද පස්වරුවේ වැසි ඇතිවිය හැකිය.
මේ අතර, හෙට දිනයේ දී බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ දකුණු පළාත්වලට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.