ඔයත් මෙන්න මේ ප්‍රදේශයේ කෙනෙක් ද?. එහෙනම් අද මේ කළ දැනුම්දීම ඔයාට..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 29, 2024 02:23 AM GMT
Report

අද (29) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇත.

ඔයත් මෙන්න මේ ප්‍රදේශයේ කෙනෙක් ද?. එහෙනම් අද මේ කළ දැනුම්දීම ඔයාට.. | Weather In Sri Lanka 29Th April 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව උතුරු, උතුරු-මැද, සබරගමුව, නැගෙනහිර, සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත.

මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.