මොකක්ද මේ හෙට ලොකුවටම වෙනවා කියන්නේ?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 28, 2024 10:36 AM GMT
Report

හෙට (29) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මොකක්ද මේ හෙට ලොකුවටම වෙනවා කියන්නේ?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 29Th April 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැනුම් දී ඇත.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

තව ද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.