හෙට ගැන වේලාසනම කළ දැනුම්දීම - මේ ගැන ඔබ දැනුවත් ද?.

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 25, 2024 05:41 PM GMT
Report

හෙට (26) දිනයේ දකුණු පළාතේත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

හෙට ගැන වේලාසනම කළ දැනුම්දීම - මේ ගැන ඔබ දැනුවත් ද?. | Weather In Sri Lanka 26Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මීට අමතරව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.