අද කාලගුණයේ තත්ත්වය කොහොමද?. මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 24, 2024 01:19 AM GMT
Report

අද (24) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

අද කාලගුණයේ තත්ත්වය කොහොමද?. මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.. | Weather In Sri Lanka 24Th June 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ක තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක් වේ.

තව ද, වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවති.

අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන)

අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන)


කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.