ඉදිරි පැය 24 තීරණාත්මකයි?. ඇස් රතු වෙන රතු නිවේදනයක් මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේනයක් නිකුත් කරමින් ය.
අද (23) උදෑසන 3.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.
ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ අරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙස ය.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
එමෙන්ම, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි ය.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇති වේ.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.