අද 02න් පස්සෙ කාලය තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 22, 2024 01:59 AM GMT
Report

අද (22) පස්වරු 2.00න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

අද 02න් පස්සෙ කාලය තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 22Th April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන්ම, ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

තව ද, බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව පවතියි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.

දැනගෙන හිටිය ද මේ දෙය - ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. මතක් කරලා මේ දේවල් අද කරන්න..

දැනගෙන හිටිය ද මේ දෙය - ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. මතක් කරලා මේ දේවල් අද කරන්න..


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.