ඉදිරි පැය 36 රටටම තීරණාත්මකයි?. දැන් ලැබුන විශේෂ නිවේදනයක් මෙන්න.
                                    
                    Department of Meteorology
                
                                                
                    Weather
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙය ඉදිරි පැය 36 සඳහා වලංගු වේ.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
තව ද, මාතලේ, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකිය.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    