ජනතාවට යළිත් මතක් කිරිමක් - මෙන්න මේ දේ ගැන අවදානයෙන් කටයුතු කරන්න..

Hospitals in Sri Lanka Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 17, 2024 11:01 AM GMT
Report

මේ දිනවල මෙරට පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවති.

ජනතාවට යළිත් මතක් කිරිමක් - මෙන්න මේ දේ ගැන අවදානයෙන් කටයුතු කරන්න.. | Weather In Sri Lanka 17Th March 2024

ඒ බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනු ලබයි.

ඔවුන් සඳහන් කළේ හිරු එළිය සම මතට සෘජුවම පතිත වීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, සම හිරු එළියට නිරාවරණය වීමත් සමග සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් ද දැකගත හැකිය.

ඒ අනුව මෙහි ආසාදිත තත්වයන් ලෙස සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහඩිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහඩිය වැඩි වශයෙන් එකතුවන ස්ථානවල රවුම් හැඩැති දිලීර තත්වයක් ඇතිවීම දැකගත හැකිය.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් සම හිරු එළියට සෘජුව නිරාවරණය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.