දිවයින පුරා ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයක්..සුළගත් වැඩි වෙයි.

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Aug 02, 2024 01:24 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ.

එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දන්වා ඇත.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.


එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.

තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දැනුමදෙයි.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..