ඉදිරි පැය 24 ගැන දැඩි අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Western Province
                
                                                
                    Southern Province
                
                                                
                    TN Weather
                
                                                
                    Weather
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ, අරාබි මුහුද ප්‍රදේශ හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඉහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    