වහින එකත් වෙනස් වෙයි - එළියට යනවා නම් මේ දේත් උදේන්ම දැනගෙනම යන්න.

Sri Lanka Weather
By krishani Nov 13, 2023 12:32 AM GMT
Report

අද (13) උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.