අද රට පුරා ප්‍රදේශ රැසකට අධික වැසි..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන් ඉන්න..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 01, 2023 01:13 AM GMT
Report

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද (01) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බවය.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකිය.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

මේ අතර, අද දින දහවල් 12:11ට ඉප්පන්තිවූ දුපත (පුත්තලම දිස්ත්‍රික්කය), අනුරාධපුර, කටුකැලියාව සහ ඉලුක් වැව (අනුරාධපුර දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.