අද ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක්..එම ප්‍රදේශ මෙන්න..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Aug 28, 2023 02:13 AM GMT
Report

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම්දී ඇත්තේ.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අද (28) දින දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.