අද දවසේ කාළගුණය - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිමක්..

Sri Lanka Weather
By krishani මාස 2 කට පෙර
Report

අද (16) දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ය.

නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join