24 සහ 25 දෙදින කාලගුණයේ වෙනස ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Dec 23, 2022 04:20 AM GMT
Report

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ හැකියාවක් ඇති බවත් මේ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සදහන් වේ.

කෙසේවෙතත් අද(23) දිනයේ උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වාසිය ඇතිවිය හැකිය.

උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join