හෙට සිට කාලගුණයේ වෙනසක්..

Sri Lanka Weather
By krishani Nov 11, 2022 09:26 AM GMT
Report

ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පවතින අඩු පීඩන කලාපයෙන් මෙරට කාලගුණ තත්වයට ඇති කළ බලපෑම හෙට (12) සිට අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ක්‍රමයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

නමුත් අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join