හෙට උදේන්ම එළියට බහින්න කළින් මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. වෙන දේ ගැන කලින් දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jul 14, 2024 03:52 PM GMT
Report

හෙට (15) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය, දකුණු පළාතේ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වේ.

හෙට උදේන්ම එළියට බහින්න කළින් මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. වෙන දේ ගැන කලින් දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 15Th July 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, ඊයේ (14) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝටන් ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ මිලි මීටර් 113ක වර්ෂාපතනයක් ය.

එමෙන්ම, කැනියන් සහ ලක්ෂපාන ජල විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලින් ද මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා විය.

තව ද, අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශ වාන් දොරටු විවෘත කර ඇතැයි ජලාශ බාර ඉංජිනේරුවන් සඳහන් කළේ ය.

මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ ය.