ඉදිරි පැය 24 තීරණාත්මකයි?. හදිසියේම වෙන දෙය ගැන අනතුරු ඇඟවීමක් මෙන්න..

Kandy Department of Meteorology Weather Latest Headlines
By krishani Jul 13, 2024 11:06 AM GMT
Report

ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි?. හදිසියේම වෙන දෙය ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.. | Weather In Sri Lanka 13Th July 2024

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, අද (13) පස්වරුවේ මහනුවර නගරයට ඇදහැලුනු අධික වැසි සමග මහනුවර දුම්රිය ස්ථානය හා බෝගම්බර බස් නැවතුම ඉදිරිපිට මාර්ගය වැසි ජලයෙන් යට විය.

එමෙන්ම, මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ දොරටු 04ක් විවෘත කර තිබෙනවා.

ඒ බව ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයට තද වැසි‍ ඇදහැලීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම සිදු වේ.