හෙට දවස තීරණාත්මකයි?. - වෙන්න යන දේ ගැන හැමෝටම කලින්ම දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Feb 11, 2024 10:56 AM GMT
Report

මේ දවස්වල ලංකාව පුරා රස්නය ටිකක් වැඩියෙන් දැන්නෙන අරන් නේද?.

ඒ නිසා ටිකක් ඇගට අමාරුවෙන් නේද ඉන්නේ.

අපි අද කියන්න යන්නේ හෙට දවසේ මොකක්ද වෙන්නෙ කියලා.

හෙට දවස තීරණාත්මකයි?. - වෙන්න යන දේ ගැන හැමෝටම කලින්ම දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 12Th February 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම දැනට වියලි කාලගුණයක් පවතින නැගෙනහිර සහ ඌව පළාත්වල ද හෙට දිනයේ වැසි අපේක්ෂා කරයි.

තව ද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද, දකුණ, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් පැයට කිලෝමීටර 40ක් පමණ දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.