අයවැය හරහා පාම් ඔයිල් සීමා ඉවත් කිරීමේ සූදානමක්? ආන්දෝලනාත්මක චෝදනාවක්

Consumers Welfare Association Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 22, 2026 08:47 AM GMT
Report

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් පාම් ඔයිල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ, මෙවැනි උත්සාහයන් ව්‍යර්ථ කරමින් පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි.

පාම් ඔයිල් ආනයනය සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීමේ උත්සාහයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා,

"2021 වසරේ විද්වත් මණ්ඩලයක් විසින් ගත්ත තීරණයක් මත මේ රටේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන්න එහෙම නැත්තන් ආහාර සුරක්ෂිතතාවය සඳහා යම්කිසි සීමාවන් පැනවූවා පාම් තෙල් ආනයනය සීමාවන් සඳහා. මේ අවුරුදු 2කට කලින් පත්වුණු රජය ඒ ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරමින් ගියා. හැබැයි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් එක්ව පාම් තෙල් ලංකාවට ආනයනයකිරීමේ සීමාවන් ඉවත්කිරීමේ සූදානමක නිරත වෙනවා. අයවැය යෝජනාවක් ඉස්සරහට දාලා ඒ අයවැය යෝජනාවෙන් ඉඩහරිනවා මේ රටට නැවතත් පාම්තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන්න"