අද දවල් හරියටම 12.12ට මොකද දන්නව ද වෙන්නේ?. නමුත් 2න් පස්සේ වෙන්නෙ වෙනමම දෙයක්..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 08, 2024 01:41 AM GMT
Report

අද (08) පස්වරු 2.00න් පසු බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

අද දවල් හරියටම 12.12ට මොකද දන්නව ද වෙන්නේ?. නමුත් 2න් පස්සේ වෙන්නෙ වෙනමම දෙයක්.. | Weather In Sri Lanka 08Th April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන්ම, එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

ඉදිරි කාලය තීරණාත්මකයි?. අද දැනෙන දෙයක් වෙන්න යයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTO)

ඉදිරි කාලය තීරණාත්මකයි?. අද දැනෙන දෙයක් වෙන්න යයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTO)


තවද, සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතයි.

කෙසේ වෙතත්, අද දින දහවල් 12:12ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.