හෙට මොකද දන්නව ද වෙන්නේ?. මතක් කරලා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 01, 2024 05:08 PM GMT
Report

හෙට (02) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කය සඳහාත් බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට මොකද දන්නව ද වෙන්නේ?. මතක් කරලා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න.. | Weather In Sri Lanka 02Nd Match 2024

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව හෙට බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ යන පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව අපේක්ෂා කරයි.

එවැනි අවස්ථාවල දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ඒ අනුව වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු වේ. 

වැටුප් වැඩි කිරීමකට අදාළව ලබන 5 වෙනිදා කරන්න යන දෙය..

වැටුප් වැඩි කිරීමකට අදාළව ලබන 5 වෙනිදා කරන්න යන දෙය..


සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු අතර නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.

තව ද, වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.