හා හා පුරා කියලා අලුත් මාසයක් පටන් ගන්න හෙටම වෙන දේ ගැන දන්නව ද?.. ඇඟටම දැනෙන්න යන්නෙ..

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 31, 2024 03:46 PM GMT
Report

හෙට (01) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතියි.

හා හා පුරා කියලා අලුත් මාසයක් පටන් ගන්න හෙටම වෙන දේ ගැන දන්නව ද?.. ඇඟටම දැනෙන්න යන්නෙ.. | Weather In Sri Lanka 01St April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ‘ඇම්බර්’ වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, දකුණ, වයඹ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙම අධික උණුසුම් තත්ත්වය ඇතිවිය හැකි බව ය.

කෙසේ වෙතත්, මෙයට අමතරව රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ද මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.