අද නිවසින් එළියට යනවා නම් මේ ගැනත් දැනුවත්වන්න

Climate Change TN Weather Weather
By Sewvandhi Jan 22, 2024 01:05 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලට අද (22) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 4.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

Sponsored By Sarrita Jewellery

අද නිවසින් එළියට යනවා නම් මේ ගැනත් දැනුවත්වන්න | Weather Alert Today 2024 01 22