නිවසෙන් බැහැරව යන ඔබට අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න..

Climate Change TN Weather Weather
By Sewvandhi Jan 15, 2024 01:58 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකිය.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

Sponsored By Sarrita Jewellery

නිවසෙන් බැහැරව යන ඔබට අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න.. | Weather Alert Today 2024 01 15