සුළි කුණාටු තත්වයක් - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Climate Change TN Weather Weather
By Sewvandhi Nov 28, 2023 11:21 AM GMT
Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි, එහි දැක්වෙන්නේ.

ඒ අනුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන්කරමින් එළඹෙන 30 වනදා වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද එහි දැක්වෙයි.

සුළි කුණාටු තත්වයක් - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..! | Weather Alert Today 2023 11 38

අනතුරුව එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ අනුව දකුණු අන්දමන් මුහුනද සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා මෙම නිවේදනය පිළිබඳව සැළකිලිමත් වන ලෙසට කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.