අද දිනයේ වැසි ලැබෙන වෙලාව මෙන්න - නායයෑම් හේතුවෙන් ගමනාගමනයට බාධා..

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Nov 25, 2023 12:59 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

අද දිනයේ වැසි ලැබෙන වෙලාව මෙන්න - නායයෑම් හේතුවෙන් ගමනාගමනයට බාධා.. | Weather Alert Today

මේ අතර, වැල්ලවාය සාදින්නාවල මාර්ගයේ කොටසක් රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් නාය ගොස් තිබෙනවා.

මාර්ගයේ විශාල කොටසක් මෙලෙස නායයෑමට ලක් වී ඇති අතර ඒ නිසා මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමනාගමනය අවදානම් වන අතර රථ වාහන ධාවනයේදී ප්‍රවේශම්කාරි වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.