අද දහවල් දෙකෙන් පසුව මුළු දිවයිනටම සිදුවන දේ ගැන දැනගන්න..

Climate Change TN Weather Weather
By Sewvandhi Feb 01, 2024 01:03 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Sponsored By Sarrita Jewellery

අද දහවල් දෙකෙන් පසුව මුළු දිවයිනටම සිදුවන දේ ගැන දැනගන්න.. | Weather Alert 2024 2 1