අද දහවල් 2න් පසු සිදුවන දේ - මේ ගැනත් සැලකිලිමත්වන්න

Climate Change TN Weather Weather
By Sewvandhi Jan 29, 2024 12:50 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහමහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,මධ්‍යම, ඌවසහවයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Sponsored By Sarrita Jewellery

අද දහවල් 2න් පසු සිදුවන දේ - මේ ගැනත් සැලකිලිමත්වන්න | Weather Alert 2024 11 29