ඔබ අද නිවෙසින් බැහැරව යනවා ද..? එහෙනම් මේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත්වන්න..

Climate Change TN Weather Weather
By Sewvandhi Feb 05, 2024 01:21 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (05) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා ක‍රනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට අවධානය කරනවා.

Sponsored By Sarrita Jewellery

ඔබ අද නිවෙසින් බැහැරව යනවා ද..? එහෙනම් මේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත්වන්න.. | Weather Alert 2024 02 05