ඉදිරි පැය 24 සදහා කාළගුණයෙන් රතු නිවේදන - සැලකිලිමත් වන්න මෙම ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින්න..!

Climate Change TN Weather Weather
By Sewvandhi Dec 01, 2023 11:01 AM GMT
Report

ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුණ රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ. එනම් ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ප්‍රජාවටයි.

ඉහත කාලපය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 9.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මී 550ක පමණ දුරින් පවතී.

එය හෙට (02) ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා (03) වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට නියමිතය.

 කාලගුණ අංශ මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඒ අනුව පහත ඡායාරූපයේ සලකුණු කර ඇති ප්‍රදේශවලට, ඉදිරි පැය 48 තුළ  යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.


Gallery