මෙම ප්‍රදේශවල ජනතාව ප්‍රවේසමෙන් - ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්..

Climate Change TN Weather Weather
By Sewvandhi Oct 28, 2023 08:05 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බවයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.