ගංගා වල ජල මට්ටම් ඉහළට - වැඩිම වර්ෂාපතනය ලබුගමින්..

Sri Lanka Climate Change Weather
By Sewvandhi Sep 02, 2023 03:25 PM GMT
Report

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වුණා. එය මිලිමීටර් 106.3කි.

මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද වැසි සමග ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී. 

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග බෙලිඅත්ත සිටිනාමලුව මහවැව වාන් දැමීම ආරම්භ වී තිබේ.