කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Aug 31, 2023 09:50 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට (01) දිනයේ දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත.

 එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.