ජනතාවට සැලකිලිමත් වන්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Dec 26, 2022 11:12 AM GMT
Report

අද (26) පස්වරු 3 ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා නාවික ප්‍රජාව සඳහා අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

දිවයිනට බටහිර දෙසින් පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතී.

එබැවින් අද සවස සිට දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණයට එහි බලපෑම ක්‍රමයෙන් අඩුව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවයෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now