පීඩන අවපාතයක් - ඉදිරි දින 2ක ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Dec 22, 2022 10:32 AM GMT
Report

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනව වී ඇති බැවින් එය දෙසැම්බර් 24 සහ 25 යන දින තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් අනිද්දා සහ 25 යන දිනවල බොහෝ ප්‍රදේශවල වැසි හා සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතර ව මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම, මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නො කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now