පළාත් රැසකට වැසි තත්ත්වයේ වැඩිවීමක් - කාලගුණයෙන් දැනුම්දීමක්..

Sri Lanka Climate Change Weather
By Sithumi Dec 20, 2022 11:54 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරුවේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලටද විටින් විට වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දින තුන ඇතුළත දී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මෙරට වෙරළ තීරය වෙත ළඟා විය හැකියි

 ඒ අනුව බෙංගාල බොක්ක මුහුදේ සහ අරාබි මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now