කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..! ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Climate Change
By Sewvandhi Nov 20, 2022 01:50 PM GMT
Report

ධීවර ජනතාව සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.අද (20) පස්වරු 3.00 එම නිවේදනය නිකුත්කර ඇත.

දකුණු-මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 10.0 සහ නැගෙනහිර දේශාංශ 85.5 ආශ්‍රිතව, යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතී.

එම පද්ධතිය ඉදිරි පැය 48 තුළදී, තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැක. මේ අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now