දිස්ත්‍රික්ක 5ක් සඳහා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ..!

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 23, 2022 11:08 AM GMT
Report

පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (22) දිනයේදී නිකුත්කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසය.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, මතුගම සහ මිල්ලනිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට, රුවන්නවැල්ල, දෙහිඕවිට සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now