ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
Lightning Alert
By R.rishma
ප්‍රදේශ කිහිපයක ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (07) පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.