දවස තිස්සේම ඔරලෝසුව පැළඳ සිටියොත් ඔබට වෙන දේ දන්නවද?

Sri Lanka
By Wayomi Jun 27, 2022 04:28 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගමනක් බිමනක් යන්න එළියට බහිද්දී ඔරලෝසුව ගොඩක් දෙනෙක්ට අමතක නොවන ආභරණයක්. සාමාන්‍යයෙන් ගමනාන්තයට එනතුරුම ඔබ දවසම ඔරලෝසුව පැළඳගෙනයි ඉන්නේ. නමුත් ඔබ දන්නවද.. දිනපතාම දවස තිස්සේ ඔරලෝසුව පැළඳ සිටීමෙන් ඔබේ සෞඛ්‍යට අහිතකට බලපෑම් එල්ල විය හැකි බව.

අහිතකර වෙන්නේ ඇයි?

⌚මේ විදිහට ඔබ දවස තිස්සේ ඔරලෝසුව පැළඳ සිටින්නේ නම්.. මැණික් කටුවෙහි වේදනාව දැනෙන්න පුළුවන්. අනික ඔබ සාමාන්‍යයෙන් ඔරලෝසුව පැළදීමේදී එය තදට පළදින්නනේ පුරුදුවෙලා ඉන්නෙත්. ඒ වගේම තමයි ඔබේ ඔරලෝසුව ඉතා විශාල මෙන්ම බර නම් මේ තත්වයට ඔබට හොඳින්ම දැනෙන්න පුළුවනි.

⌚ එමඟින් ඔබේ මැණික් කටුවෙහි ස්නායු අඛණ්ඩව සම්පීඩනය වීමෙන් වේදනාකාරී සංවේදනයන් ඇති කළ හැකියි.

කාපල් ටනල් සින්ඩ්‍රෝමය (carpal tunnel syndrome)

⌚ අවසානයේ ස්නායු වලට හානි වීමට පවා හේතු විය හැකි අතර මැණික් කටුවෙහි යම් හිරි වැටීමක් හෝ වේදනාකාරී බව ඇති කරන කාපල් ටනල් සින්ඩ්‍රෝමය තත්වය ඇති වෙන්න පුළුවන්. එවැනි සංවේදනයක් දැනේ නම් ඔරලෝසුවේ පටිය ලිහිල් කිරීමට හෝ ඔරලෝසුව ගලවා ටික වේලාවක් සිටීමට උත්සාහ කරන්න.

⌚ මීට අමතරව සමේ කැසීම්, මාංශ පේශි වේදනා වැනි තත්වයන් ඇති විය හැකි අතර ඔබ වැඩ කරන වෙලාවක නම් ඔරලෝසුව ගලා තබා අවසානයේ යන්න ලෑස්ති වෙද්දී පමණක් පැළඳ ගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW