ජරමර අඩු කරගෙන ගෑස් එකේ ආයු කාලය වැඩි කරන Tips.

Litro Gas LAUGFS Gas PLC
By Wayomi Oct 10, 2022 07:36 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගෑස් අර්බුධය නිසා පසුගිය කාලයේ නම් අපේ රටේ හරි හරි ජරමර වුණානේ. හැබැයි දැන් කියලත් වෙනසක් නැහැ. කොහොම වෙතත් තව කාලයක් යද්දී අපි හැමෝටම රටක්, ලෝකයක් වශයෙන් ගෑස් අර්බුධයකට මුහුණ දෙන්න සිදු වේවි.

නමුත් මේ වන විට ලංකාව මුහුණදීලා ඉන්න මේ ගෑස් ජරමරේට අපි මොකද කරන්නේ? මිලත් වැඩියි..ගෑසුත් හිඟයි.

ඉතින් දැනට මේකට පිළියමක් විදිහට අපිට වෙනත් මාර්ග, එනම් දර ලිප්, කරන්ට් ලිප්, භූමි තෙල් ලිප් භාවිතා කරනවා. හැබැයි ඒක හැමෝටම කරන්න බැහැ. මොකද විදුලි බිල වැඩියි, භූමිතෙල් හිඟයි,හැමෝටම දර හොයාගන්නත් බැහැ. ඒ නිසා මේ කියන්න යන්නේ ඔබ ළඟ තියෙන ගෑස් එක අරපිරිමැස්මෙන් භාවිතා කරලා ගෑස් ඉතිරි කරගන්නේ කොහොමද කියලා.

🟣 ගෑස් උදුනේ දැල්ල පිටවන සිදුරු කුණු රොඩුවලින් වැසී තියෙනවා නම් ගෑස් දහනය අකාර්යක්ෂම වෙනවා. ඒ වගේම ඒ සිදුරු විශාල වී පවතී නම් හෝ නැත්නම් කැඩී බිඳී ඇත්නම් ඒ කොටස අලුතින් සවි කිරීම කළ යුතුයි. ඒ නිසා උදුනේ පිරිසිදුභාවය හා නඩත්තුව ගැනත් සැලකිලිමත්වීම ගෑස් දහනය අවම කරගෙන වැඩි කලක් ගෑස් සිලින්ඩරය භාවිතා කරන්න පුළුවන් වෙනවා.

🟣 ධාන්‍ය වර්ග වැනි පිසීමට වැඩි කාලයක් ගත වන ආහාර පිසීමට පෙර ජලයේ පැය කිහිපයක් පොගවා ගැනීම ගෑස් පිරිමැස්මෙන් භාවිතා කළ හැකියි.

🟣 ආහාර ඉක්මනින් පිස ගැනීමට හැකිවෙන ආකාරයේ සුදුසු බදුන් තෝරාගැනීමත් ගෑස් අරපිරිමැස්මට හොඳම ක්‍රමයක්. ඒ වගේම ඔබ මතක තබාගත යුතුම කරුණ තමයි, මැටි භාජන වල පිසීමෙන් ගෑස් පිරිමහගන්න අමාරු බව.

🟣 උදුනේ ප්‍රමාණයට වඩා කුඩා බදුන් භාවිතයත් ගෑස් අපතේ යාමට හේතුවක්.භාජනය කුඩා වන විට උදුනෙන් නිකුත් වන තාපය නිකරුණේ වාතයට එකතු වෙනවා. උදුනේ ප්‍රමාණයට සරිලන බදුන් භාවිත කිරීම ගෑස් අපතේ යාම වළක්වා ගන්න

🟣 ආහාර ස්වල්පයක් පිස ගැනීමේ දී විශාල උදුන් භාවිතයෙන් බදුන රත්වීමට යන තාප ප්‍රමාණය වැඩි නිස දහනය වන ඉන්ධන ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා ආහාර පිසීමේ දී බදුන් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

🟣 ආහාර පිසීමේදී අවශ්‍ය දේවල් කලින් සකස් කරගෙන එකදිගට උයාගැනීම කළොත් ගෑස් අපතේ යාමක් වෙන්නේ නැහැ. ලිප ක්‍රියාත්මක කරලා තවත් ව්‍යංජනයක් හදන්න කාලය ගන්න එපා

🟣 ආහාර පිසීමේ දී භාවිතා කරන භාජනවල අනවශ්‍ය ජලය ඉවත් කිරීම, පැතලි බදුන් භාවිතයත් ගෑස් අපතේ යාම වළක්වනු ලබනවා. ඒ වගේම උස භාජන භාවිතා කිරීමෙන් ගෑස් අපතේ යනවා. එමෙන්ම ගිනිදැල් අඩියට පමණක් වැදෙන පරිදි තැබූ විට අනවශ්‍ය ලෙස ගෑස් අපතේ යාම පාලනය කළ හැකියි.

🟣 ආහාර පිසීමේ දී විශේෂයෙන්ම තැම්බීමේ දී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසුව තාපය කොතරම් වැඩි කළත් ආහාරවල උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අවස්ථාවල දී කළ යුතු වන්නේ නටන උෂ්ණත්වයේ තබා ගන්නට අවශ්‍ය හානි වන තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් ලබාදීම පමණයි.

🟣 ගෑස් භාවිතයේ දී එයින් නැගෙන දැල්ලේ පැහැය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. ගෑස් උඳුනක කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමට එහි පවත්වාගත යුතු වෙන්නේ නිල් දැල්ලයි.

🟣 කහ දැල්ල මගින් ලැබෙන තාප ශක්තිය අඩු නිසා කාර්යක්ෂමතාවය අඩුවෙනවා. ඒ නිසා වැඩි කාලයක් ආහාරයක් පිස ගැනීමට වැය වෙන අතර වැඩි ගෑස් දහනයක් ද සිදු වෙනවා.

🟣 ඒ නිසා උදුනේ කහ දැල්ල වැඩිපුර නිකුත් වෙනවා නම් ගෑස් උදුන වටින් ඇති වා කවුළු නිසියාකාරව සකසා ගැනීමෙන් ගෑස් දහනය අවම කර ගත හැකියි.

🟣 ගෑස් ලිප භාවිතයෙන් පසුව හෝ දිනපතා රාත්‍රියේ දී රෙගුලේටරය ගලවා දැමීම කරනවා නම් එයත් ගෑස් නිකරුණේ නාස්ති වීමට හේතුවක්. නිතර නිතර රෙගුලේටරය ගැලවීමේ දී සිලින්ඩරයේ වෑල් එක ඇදෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා ගෑස් කාන්දුවීමක් සිදුවෙන්න පුළුවන්.

🟣 ඒ වගේම පරණ රෙගුලේටර් භාවිතයත් නොදැනුවත්වම ගෑස් නාස්තියක් වෙන්න පුළුවන්. රෙගුලේටරය පරණ වන විට එහි ක්‍රියාකාරිත්වය දුර්වල වන නිසා රෙගුලේටරය වැඩි ආයාසයක් දරනවා.එමගින් දහනය වන ගෑස් ප්‍රමාණය ඉහළ යනවා..

🟣 ආහාර පිසීමේ දී ගිනි දැල්ල අඩු මට්ටමක තැබීම සහ ලිප ක්‍රියාත්මකව තියෙන විට දැල්ල නිවා දැමීමත් ගෑස් සිලින්ඩරය වැඩි කාලයක් භාවිතා කළ හැකියි.

🟣 එමෙන්ම හයිප්‍රෙෂර් රෙගුලේටර් භාවිතයත් ගෑස් දහනය වැඩියි.

🟣 ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමේ දී එහි තෙත් හෝ සීතල ස්පර්ශයක් දැනේ නම් ඒවායේ කාන්දුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ගෑස් අපතේ යාමට වගේම ආරක්ෂිත බවටත් එය තර්ජනයක් .

🟣 ඒ වගේම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී සහ ප්‍රවාහන්යේදීත් උඩ අතට සිටින විදියට සිලින්ඩරය තබා ගැනීමත් වැදගත්.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW