ණය ටික ඉක්මනින්ම ගෙවලා ඉවර කරන විධි.
ණය කියන්නේම මහා හිසරදයක් ඒ වගේම කරුමයක්. ඒක ගෙවලා ඉවර වෙනකන් සමහරුන්ට නින්ද යන්නෙත් නැහැ. ඒත් තව සමහරු ඉන්නවා කාගෙන් හරි ණයක් ඉල්ලා ගත්තම මළාට දෙන්නේ නැහැ.
හැබැයි ණය ඔබේ මූල්‍ය නිදහසට ලොකු බාධාවක්. ඔබ එයට හසු වුණොත්, විශාල විදමක් දරන්න සිදු වෙනවා විතරක් නෙවෙයි ඔබව වල පල්ලට වුණත් ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් ණය ටික ගෙවලා දැම්මොත් හිතේ සැනසීමෙන් නිදාගන්න පුළුවන් වෙයි.
ඉතින් මේ කියන්න යන්නෙත් ඉක්මනින්ම ණය ටික ගෙවලා දාන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.
නව ණය එකතු නොකරන්න
? Credit Card භාවිතා කිරීම වහාම නවත්වන්න. හදිසි අවශ්‍යතාවයක් මිලට ගැනීම සඳහා පමණක් එක් ක්‍රෙඩිට් කාඩ්පතක් ළඟ තියාගන්න. ඒ වගේම ණය මුදල් කෙටි කාලයකදී ගෙවීමට හැකි බවට ඔබ ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න. එවිට ඔබේ ජීවන වියදමත් පාලනය කරගන්න පුළුවන්.
වර්තමාන වියදම් වාර්තාවක් තියාගන්න.
? ණය ගෙවන කාලය තුළ සහ ඊට පස්සෙත් අයවැයක් සකස් කරගන්න.
අනවශ්‍ය සියල්ල විකුණන්න
? ඔබ ණය ඉක්මනින් ගෙවා ඉවරයක් කර මුදල් ලබා ගන්න නම් පළමුව ඔබේ දේපල ගණන් බලන්න. පසුව අතිරික්තය විකුණා ණය ගෙවීමට එය භාවිතා කරන්න. හැබැයි ඔබට වැඩි දේපල ටික පමණක් විකුණන්න මතක තබාගන්න. ඔබට එය භාණ්ඩ තොග වෙළඳසැලක් හරහා, අන්තර්ජාල හරහා විකුනුම් කටයුතු කරගන්න පුලුවන්.
අර්ධකාලීන රැකියාවක් සොයා ගන්න
? ණය මුදල් ඉක්මනින්ම ගෙවලා ඉවර කරන්න නම්, Part time Job එකක් සොයා ගන්න. ඒකෙන් ඔබේ ජීවන වියදම ටිකක් හරි අඩු කරගන්න පුළුවන්.
අවම ගෙවීමට වඩා වැඩි මුදලකින් ණය ගෙවා නිම කරන්න.
? ඔබ ක්‍රෙඩිට් කාඩ් ණය, පුද්ගලික ණයක් හෝ කලින්ම ගෙවලා ඉවර කරන්න. එවිට ඔබේ ණය මුදලට එකතු වන පොලී ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ණය මුදල ලබා ගන්නා ආයතනයේ හෝ පුද්ගලයාගේ සිත දිනාගන්නත් පුළුවන්. අනාගතයේ යලි ණයක් ලබා ගැනීම ද පහසුයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |