හිටපු ගමන් හැදෙන ඇස් ලෙඩ සුව කරගන්න ක්‍රම - මේ දිනවල ඔබ දැනුවත් වියයුතු කියවිය යුතුම ලිපියකි..

Eye Problems World Health Organization Ministry of Health Sri Lanka
By Sewvandhi Dec 15, 2023 04:18 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

මිනිසාගේ ශරීරය තුළ ඇස නමැති ඉන්ද්‍රීයයට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. ඇස ආශ්‍රිතව ද විවිධ රෝගී තත්වයන් හට ගැනීම නිසා මිනිසා පීඩා විදින බෝහෝමයක් අවස්ථා පවතී. ඒ අතරින් වියළි උෂ්ණ කාලයන්හිදී හටගන්නා ඇස් රෝගය බෝහෝමයක් දෙනා පීඩා විදින රෝගී තත්වයක් වේ.

ඇස් ලෙඩ විෂබීජ නිසා මෙන්ම එසේ නොවන කාරණා නිසාද ඇති විය හැකිය. වෛරස් ,දිලීර ,බැක්ටීරියා නිසා ද මෙම රෝගය ඇති වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අභිෂ්‍යන්ද්‍ය නමින් මෙම රෝගී තත්වය හදුන්වයි. ඇස් රෝගය සදහා ඍතු විපර්යාසය ප්‍රධාන වශයෙන් බලපාන අතර මෙම රෝගයේ ප්‍රධාන ප්‍රභේද හතරක් පවතී.

1. වාතජ අභිෂ්‍යන්ද්‍යය.

2. පිත්තජ අභිෂ්‍යන්ද්‍යය.

3. කලුජ අභිෂ්‍යන්ද්‍යය.

4. රක්තජ අභිෂ්‍යන්ද්‍යය.

මෙම ඇස් රෝග ප්‍රභේද හතරෙහි යම් යම් වෙනස් රෝග ලක්ෂණ දැකිය හැකි අතර ඇස් රෝගයෙහි දැකිය හැකි පොදු ලක්ෂණ ගණනාවක් පවතී.

හිටපු ගමන් හැදෙන ඇස් ලෙඩ සුව කරගන්න ක්‍රම - මේ දිනවල ඔබ දැනුවත් වියයුතු කියවිය යුතුම ලිපියකි.. | Ways To Cure Eye Diseases

ඇස් රෝගයේ දැකිය හැකි පොදු රෝග ලක්ෂණ.


පුද්ගලයෙකු තුළ නේත්‍ර රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ දැකිය හැකි රෝග ලක්ෂණ ගණනාවක්ම පවතී.

1. ඇස රක්ත වර්ණ වීම.

2. කබ කදුලු ගැලීම.

3. ශූලවත් වේදනාව.

4. ඇස් පිහාටු ඉදිමීම.

5. හිරු එළිය ආලෝකය දෙස බැලීමට අපොහොසත් වීම.

6. ඇසේ කෙවෙන ගතියක් ඇති වීම.

මෙම රෝග ලක්ෂණ හදුනා ගෙන ප්‍රතිකාර නොකළහොත් වඩාත් වේදනාකාරී තත්වයක් දක්වා මෙම රෝගය වර්ධනය වේ. ඇස් රෝගය ඇති වූ විට ප්‍රතිකාර කළත් නොකළත් දින පහක් පමණ ගත වූ පසු එම රෝගී තත්වය ඉබේම සුවපත් වේ.

නමුත් ඇස්වල රතු පැහැය ,වේදනාව ,දැවිල්ල ,කැසීම් දින පහකට වඩා පවතින්නේ නම් අක්ෂි වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වේ. නැති නම් එය ඇස් පෙනීමේ දුර්වලතා ඇති කිරීමට පවා හේතූවක් වනු ඇත.

ඇස් රෝගය ඕනෑම වයසක පුද්ගලයෙකුට වැළදීමට හැකියාව පවතී. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ට වැළදුණු විට ඇතිවන වේදනාව ,පීඩාකාරී බව වැඩිය. ඇසේ සැත්කම් කර ඇති අය හැකි තරම් මෙවැනි රෝග වලින් ආරක්ෂා වීම බොහෝ සෙයින් වැදගත් වේ.

ඇස් රෝගය ඇති වූ විට අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන්.

 • ඇස් රෝගය වැළදුණු අය භාවිත කරන උපකරණ අනෙක් අය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.මෙම රෝගය වෛරස් ,බැක්ටීරියා, දිලීර ආසාදනයෙන් හටගන්නා නිසා අනෙක් අය අතර ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩිය. රෝගී පුද්ගලයා භාවිත කරන පිගන්, කෝප්ප ,ඇද ඇතිරිලි ,ලේන්සු ආදිය අන් අයගෙන් වෙන් කර තැබීම තුළින් පවුල තුළ මෙන්ම සමාජයේ ද සනීපාරක්ෂාව තහවුරු කළ හැකිය.රෝගය සුවපත් වු පසු රෝගී පුද්ගලයා භාවිත කළ සියලු දෑ හොඳින් පිරිසිදු කළ යුතුය.

• දින පහක් වැනි කාලයක් ප්‍රවේසම් වීමේන් රෝගය බෝවීම වළක්වා ගත හැකිය.

• රෝගය සුවපත් වන තෙක් නිවස තුළටම වී සිටීම ඉතා වැදගත් වේ.වැඩිපුර මිනිසුන් ගැවසෙන ස්ථානවල ගැවසීම නොකළ යුතුය. රැකියාවක් කරන අයෙක් නම් ඒ සදහා නොගොස් සිටීම, පාසල් යන දරුවෙක් නම් පාසල් නොගොස් සිටීම ඉතා වැදගත් වේ. මෙම රෝගය වැළදුණු විට අනෙක් අයට එය වැළදීම වළක්වා ගැනීමට තමා උපරිම ආකාරයෙන් සහය දැක්විය යුතුය.

හිටපු ගමන් හැදෙන ඇස් ලෙඩ සුව කරගන්න ක්‍රම - මේ දිනවල ඔබ දැනුවත් වියයුතු කියවිය යුතුම ලිපියකි.. | Ways To Cure Eye Diseases

• ඇස් රෝගය වැඩි වාර ගණනක් වුවද වැළදීමට ඉඩ ඇති නිසා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ද වඩාත් වැදගත් වේ. ඇස නිතර ඇගිලිවලින් ස්පර්ශ නොකිරීම, ඇස පොඩි නොකිරීම ,පිරිසිදු රෙදි කැබැල්ලක් ඇස පිසීමට භාවිත කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුය. බෝහෝමයක් දෙනා අතර ඇස් රෝගය ව්‍යාප්ත වීම සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ස්පර්ශයයි. ඒනිසා ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතුය. මෙහිදී බෝහෝ විට ඇස් රෙදි කැබැල්ලක් භාවිත කර පිස දමනවාට වඩා ඒ සදහා වඩාත් උචිතම ක්‍රියාමාර්ගය වන්නේ දැස්වල කබ, කදුලු ,ඇතිවිට ගලන ජලයෙන් සෝදා හැරීමයි.

ඇස් රෝගය සුවපත් කර ගැනීමට කළ හැකි ප්‍රතිකාර.

1. ඉතා පිරිසිදු දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් ඇස් හොඳින් සේදීම හා තැම්බූනු දෙළුම් කොළ වලින් ඇස් සහ අවට පිස දැමීම.

2. පිරිසිදු සියඹලා කොළ තම්බා ගත් ජලයෙන් ඇස් සේදීම.

3. රත් හදුන් දෙහි ඇඹුලින් ගලගා ඇස වටා ආලේප කිරීම.

ඇස් රෝගය සුවපත් කර ගැනීම සදහා ගත හැකි ආහාර මෙවැනි රෝගී තත්වයක් වැළදී තිබෙන විට වඩාත් සුදුසු වන්නේ සරල ආහාර පරිභෝජනය කිරීමයි.

  • වැටකොලු
  • පතෝල
  • බෝංචි
  • කැරට්
  • රතුලූණූ වැනි උෂ්ණාධික හෝ ශීතාධික නොවන ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.

ඇස් රෝගය සදහා නුසුදුසු ආහාර අප ගනු ලබන ආහාර වර්ග ද මෙවැනි රෝගී තත්වයන් වර්ධනය වීමට ඉවහල් වේ. කෙලවල්ලන් ඉස්සන් බලමාළු අධික මිරිස් කුළුබඩු දමා සැකසූ ආහාර කරවල ජාඩි සැමන් අධික ශීතල ආහාර තෙල් බැදුම් අච්චාරු මුරුංගා දෙල් වැනි ආහාර මෙවැනි රෝගී තත්වයන් සදහා ගුණදායක නොවේ. එමෙන්ම දුම් පානය ,මත්පැන් පානය කිරීම සුදුසු නොවේ.

ඇස් රෝගය සදහා මෙවැනි නුසුදුසු ආහාර ගැනීමෙන් අප වැළකී සිටිය යුතුය. එමෙන්ම ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම මෙන්ම සුවපත් වන තෙක් නිවස තුළටම වී සිටීමෙන් රෝගය තවත් කෙනෙකුට වැළදීම ට ඇති ඉඩකඩ වළක්වා ගත හැකිය.