ආර්ථික අර්බුදයෙන් මිදෙන්න අපිට කළ හැකි දේවල්.

Sri Lankan rupee Sri Lankan protests Sri Lanka Economic Crisis Government Of Sri Lanka Sri Lanka Food Crisis
By Wayomi May 30, 2022 05:41 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ වන විට ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාලා ඉන්න වාතාවරණයකයි අපි මේ ජීවත් වෙන්නේ. එක වේලක් කන්න හොයාගන්න බැරි තරමටම ජිවන වියදම අහස උසටම නැගලා. බලශක්ති අර්බුදය වගේම ව්‍යාපාර ද කඩා වැටෙමින් පවතින්නේ. ඉතින් මේ සියලුම අරගල මැද්දේ ලංකාව මේ වැටිච්ච වලෙන් ගොඩගන්න දේශීය වගේම විදේශීය ශ්‍රමිකයන් මහත් වෙහෙසක් දරනවා. ඔවුන්ගේ ඒ කැපවීමට අපිටත් පුළුවන් විදිහට පුංචි හෝ සහයෝගයක් දක්වමු.

බලශක්ති අර්බුදයට සහ ව්‍යාපාරවලට උදවු කළ හැකි ක්‍රම 7ක්

✊ හැකි සෑම විටම, නිවසේ සිට වැඩ කිරීමට ඔබේ ආයතනයෙන් අවසර ලබා ගන්න.

✊ ඔබේ කණ්ඩායම් සාමාජිකයින් මාරුවෙන් මාරුවට (shift එකට) කාර්යාලයේ තබා ගන්න, ගමන් බිමන් සහ කාර්යාලයට ගෙන්වන සංඛ්‍යාව අඩු කරගන්න උත්සහ කරන්න.

✊ රැකියාවට යන විට, තනි වාහනයක භාවිතය සීමා කර පොදු ප්‍රවාහනයට භාවිතය ගන්න.

✊ කාර්යාලයේ සිටින විට, ක්‍රියා නොකරන කොටස්වල (rooms වල) විදුලි පහන් සහ වායු සමීකරණ ක්‍රියා විරහිත කරන්න. විදුලි පරිභෝජන ප්‍රදේශය අවම කිරීම සඳහා හැකිතාක් දුරට හැමෝම එකම room එකක් සිට වැඩ කරන්න.

✊ නිවසේ සහ පොදු ස්ථානවල අනවශ්‍ය විදුලි පහන්, LED බිත්ති, සංඥා පුවරු සහ සංදර්ශක ලයිට් භාවිතය අවම කරන්න.

✊ වැඩ කරන ස්ථානයේ විදුලි කප්පාදුවට පෙර ඔබේ වැඩ ටික කළමනාකරණය කරගන්න. නැතනම් ජෙනියක් භාවිතා කරන්න.

✊ වැඩ කරන ස්ථානයේ හෝ වේවා මහමඟදී වේවා, තම අසල්වැසියන් වේවා කුමන තත්වයක, කුමන පුද්ගලයෙකු හෝ අපසුතාවයන් සහ දුෂ්කරතාවයන් කෙරෙහි සංවේදී වී ඒ අනුව කටයුතු කරන්න.