ඥාතීන්ට පේන්න දිය ඇල්ල පාමුල කරනම් ගැසූ තරුණයා ඇල්ලට බිළි වෙයි...
ගිනිගත්හේන ඇබඩින් දිය ඇල්ල පාමුල දිය නාමින් සිටි තරුණයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්වි ඇත්තේ ගිනිගත්හේන ඇබඩින් දිය ඇල්ල අසල පදිංචිව සිටි නුවන් රසංග ප්‍රේමචන්ද්‍ර නැමති (34) හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.
ජිවිතක්ෂයට පත් තරුණයා ඔහුගේ නිවසට පැමිණි ඥාතින් පිරිසකට ඇබඩින් දිය ඇල්ල පෙන්විම සදහා කැදවාගෙන ගොස් ඥාතින් පිරිස දිය ඇල්ලේ සිරි නරඹමින් සිටියදි තරුණයා දිය ඇල්ල පාමුලට පැන දිය නාමින් සිටියදි එකවරම ඇබඩින් දිය ඇල්ලේ අතුරුදහන් වු බවත්, පසුව ප්‍රදේශවාසින් එක්ව අතුරුදහන් වු තරුණයා ගොඩ ගන්නා අවස්තාවේ ඔහු දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |