පැය 15ක ජල කප්පාදුවක්

Sri Lanka Water Cut Water Board
By Sewvandhi Oct 06, 2023 01:38 PM GMT
Report

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හෙට (07) පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.