අද පැය 07ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් මෙතනින්..

Sri Lanka Water Cut
By krishani Jun 04, 2022 12:52 AM GMT
Report

අද (04) නුගේගොඩ සහ තදාසන්න ප්‍රදේශවලට පැය 07ක ජල කප්පාදුවක් සිදු වේ.

අද රාත්‍රී 10.00 සිට ඉරිදා (05) අලුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ සහ පාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

හයිලෙවල් මාර්ගයේ විජේරාම සිට 7 කණුව දක්වාත්, නුගේගොඩ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා සම්බන්ධිත සියලුම මාර්ගවලත් ජල කප්පාදුව සිදුවේ.'


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join