පැය 18ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Water Cut Water Board Water
By krishani Aug 18, 2023 07:14 PM GMT
Report

අද (19) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

එමෙන්ම එය අද පෙරවරු 8.00 සිට හෙට (20) අලුයම 2.00 දක්වා එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ විදුලිබල මණ්ඩලයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.